Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ජනපතිට වෙන් වූ ජපුර රෝහලේ විශේෂ රෝහල් කාමරය අද සිට මහජනතාවට

8 months ago

විධායක ජනාධිපතිවරයාගේ විශේෂ පරිහරණය සඳහා පමණක් මෙතෙක් කල් වෙන් කර තිබූ ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ විශේෂ කාමරය අද(24) සිට පොදු ජනතාවගේ වෛද්‍ය ප්‍රතිකාර කටයුතු සඳහා විවෘත වන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ලබාදුන් උපදෙස් පරිදි සෞඛ්‍ය අමාත්‍යංශය සහ රෝහල් පාලන අධිකාරිය එක්ව මෙම තීරණය ගෙන ඇති බව සඳහන්.

ජපාන රජයේ ප්‍රධාන ආධාරයක් ලෙස 1984 වර්ෂයේ දී ඉදිකරන ලද ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහල ආරම්භ වූයේ ඇඳන් 1000 ක ධාරිතාවයකින්.

එහිදී මෙම සැලසුමට අනුව ජනාධිපතිවරයාගේ පෞද්ගලික ප්‍රයෝජනය සඳහා අංක 1001 දරණ විශේෂ කාමරය එක් කර තිබෙනවා.

රෝහල ආරම්භ කර වසර 42 ක් වුව ද සීමිත අවස්ථාවන කිහිපයකදී පමණක් මෙම කාමරය භාවිතා වී ඇති අතර මෙම වසර ගණනාව පුරාවටම මෙය නඩත්තු වෙමින් පවත්වාගෙන ගොස් තිබෙනවා.