අද (25) එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය හදිසි රැස්වීමක් පැවැත්වීමට නියමිතයි.
ඒ මැදපෙරදිග යුද්ධය සම්බන්ධයෙනි.
2026 මාර්තු 18 වන බදාදා දින බහරේනය විසින් ගල්ෆ් අරාබි රාජ්‍යයන් (GCC) සහ ජෝර්දානය සඳහා වූ සහයෝගිතා කවුන්සිලය වෙනුවෙන් ඉදිරිපත් කරන ලද නිල ඉල්ලීමකට අනුව මෙම හදිසි විවාදය කැඳවනු ලබන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.
එම නිවේදනයේ සඳහන් වන්නේ, “2026 පෙබරවාරි 28 වන දින ඉරානය විසින් බහරේනය, ජෝර්දානය, කුවේට්, ඕමානය, කටාර්, සෞදි අරාබිය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයට එරෙහිව දියත් කරන ලද මෑත කාලීන මිලිටරි ආක්‍රමණය, සිවිල් වැසියන් සහ සිවිල් යටිතල පහසුකම් ඉලක්ක කර ගනිමින්, අහිංසක ජීවිත අහිමි වීමට හේතු වී ඇති බව” එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය හදිසි විවාදයක් පවත්වනු ඇත යනුවෙනි.
හදිසි විවාදයට අදාළව රටවල් කණ්ඩායම කවුන්සිලයට කෙටුම්පත් යෝජනාවක් ඉදිරිපත් කිරීමට අදහස් කරන බව ඉල්ලීමේ සඳහන් වෙනවා.
2006 දී මානව හිමිකම් කවුන්සිලය පිහිටුවීමෙන් පසු පැවැත්වෙන 11 වන හදිසි විවාදය මෙය බවටයි සඳහන් වන්නේ.
