මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය සහ භූ-දේශපාලනික අස්ථාවරත්වය හේතුවෙන් ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල තවදුරටත් ඉහළ මට්ටමක පවතින බව වාර්තා වේ.
සැපයුම් ජාලයන්ට එල්ල විය හැකි බාධා පිළිබඳව පවතින බිය මෙලෙස මිල ඉහළ යාමට ප්‍රධානතම හේතුව වී තිබේ.
අද (27) දින වාර්තා වන දත්තයන්ට අනුව, ජාත්‍යන්තර වෙළඳපොළේ ප්‍රධාන දර්ශකයක් වන බ්‍රෙන්ට් (Brent) වර්ගයේ බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 107.2ක් දක්වා ඉහළ ගොස් ඇත.
එමෙන්ම, අමෙරිකානු WTI (West Texas Intermediate) බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 94.2ක් ලෙස සටහන් වේ.
