මෙරට රාජ්‍ය පාලන පද්ධතිය තුළ විනිවිදභාවය සහ අඛණ්ඩතාව (Integrity) තහවුරු කිරීමේ අරමුණින් ප්‍රකාශයට පත් කර ඇති ‘ජාතික අඛණ්ඩතා සතිය’ අද (27) සිට ආරම්භ වන බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය නිවේදනය කරයි.
අද දින ආරම්භ වන මෙම විශේෂ සතිය ලබන මාර්තු 31 වන දින දක්වා ක්‍රියාත්මක වේ. මෙවර ජාතික අඛණ්ඩතා සතියේ ප්‍රධාන තේමාව වන්නේ “අඛණ්ඩතාවයේ සංස්කෘතියක් – පිරිසිදු ශ්‍රී ලංකාවක්” යන්නයි.
