කෑගල්ල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අනුරුද්ධ බණ්ඩාරනායක මහතාගේ උපදෙස් මත ක්‍රියාත්මක වූ විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් මෙම වැටලීම සිදු කර ඇත. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී අදාළ ලොරි රථය තුළ ඩීසල් ලීටර් 1200ක ප්‍රමාණයක් තිබී ඇති අතර, රථයේ පිටුපස රහසිගත ලෙස සකසන ලද ටැංකියක් සහ ඉන්ධන නිකුත් කරන ප්‍රමාණය මැනිය හැකි මීටරයක් ද පොලිසිය විසින් සොයාගෙන තිබේ.
මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ සැකකරු විසින් සාමාන්‍ය වෙළඳපොළ මිලට වඩා රුපියල් 100ත් 150ත් අතර අතිරේක මුදලක් අය කරමින්, පාරිභෝගිකයන් සිටින ස්ථානයටම ගොස් මෙම ඩීසල් අලෙවි කර ඇති බවයි. වර්තමානයේ පවතින ඉන්ධන අවශ්‍යතාවය ප්‍රයෝජනයට ගනිමින් මොහු මෙම ජාවාරම කාලයක් තිස්සේ කරගෙන ගොස් ඇත.
වැටලීමෙන් පසු ලොරි රථය සහ එහි රියදුරු පොලිස් භාරයට ගෙන ඇති අතර, සැකකරු කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
