Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ව්‍යාජ SMS පණිවිඩයක්! මුදල් වංචාවන්ට හසු නොවන ලෙසට ජනතාවට දැනුම්දීමක්! 

8 months ago

ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට සමාන ව්‍යාජ වෙබ් අඩවි සහ කෙටි පණිවුඩ (SMS) භාවිතා කරමින් සිදුකරන මහා පරිමාණ මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වී ඇති බව තැපැල්පති ආර්.පී. සත්කුමාර මහතා පවසයි.

වංචාකරුවන් විසින් පාරිභෝගිකයන්ගේ ජංගම දුරකථන වෙත SMS පණිවුඩයක් යොමු කරමින් දැනුම් දෙන්නේ, ඔවුන් වෙත ලැබීමට ඇති පාර්සලයක් ලබාගැනීම සඳහා සුළු මුදලක් මාර්ගගත ක්‍රමය (Online) ඔස්සේ ගෙවිය යුතු බවයි.

එම පණිවුඩය සමඟ ඇති සබැඳිය (Link) හරහා පාරිභෝගිකයා ව්‍යාජ වෙබ් අඩවියකට යොමු කෙරේ.

එහිදී Payment Gateway එකක් හරහා බැංකු කාඩ්පත් තොරතුරු ඇතුළත් කරන ලෙස ඉල්ලා සිටින අතර, පාරිභෝගිකයා එම තොරතුරු ලබාදුන් සැණින් ඔවුන්ගේ බැංකු ගිණුම්වල ඇති මුදල් වංචනික ලෙස අත්පත් කරගැනීමට මෙම ජාවාරම්කරුවන් කටයුතු කරන බව තැපැල්පතිවරයා පෙන්වා දෙයි.

මෙම අනතුරුදායක තත්ත්වය හමුවේ මහජනතාව අනුගමනය කළ යුතු පියවර කිහිපයක් තැපැල් දෙපාර්තමේන්තුව අවධාරණය කරයි:

  • නොහඳුනන සබැඳි (Links) වෙත ප්‍රවේශ වීමෙන් වළකින්න.
  • තම බැංකු කාඩ්පත් තොරතුරු හෝ OTP අංක කිසිදු වෙබ් අඩවියකට හෝ තෙවන පාර්ශවයකට ලබා නොදෙන්න.
  • තැපැල් දෙපාර්තමේන්තුව කිසිදු විටෙක SMS මගින් බැංකු තොරතුරු හෝ මාර්ගගත ගෙවීම් ඉල්ලා නොසිටින බව මතක තබා ගන්න.

මෙවැනි වංචනික ක්‍රියාවලට හසුනොවන ලෙසත්, සැකකටයුතු පණිවුඩ ලැබුණහොත් ඒ පිළිබඳව වහාම සැලකිලිමත් වන ලෙසත් තැපැල්පතිවරයා මහජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියි.