Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පොලිස් නිලධාරීන්ට මසකට දින තුනක නිවාඩුවක්?

8 months ago

ශ්‍රී ලංකා පොලිසියේ සේවය කරන සියලුම නිලධාරීන් වෙත මසකට අවම වශයෙන් දින තුනක නිවාඩුවක් ලබාදීමට කටයුතු කරන ලෙස මහජන ආරක්ෂක අමාත්‍යාංශය විසින් පොලිස්පතිවරයා වෙත දැනුම් දී තිබේ.

පසුගිය කාලය පුරා රටේ පැවැති විවිධ අර්බුදකාරී තත්ත්වයන් සහ උත්සව සමයන් හේතුවෙන් පොලිස් නිලධාරීන් දැඩි කාර්යබහුලත්වයකට පත්ව සිටි බව අමාත්‍යාංශය පෙන්වා දෙයි. මෙම අධික සේවා බර නිසා බොහෝ නිලධාරීන්ට නියමිත පරිදි නිවාඩු ලබාගැනීමට නොහැකි වී ඇති බවත්, ඇතැම් නිලධාරීන්ට මාසයක් පුරා එකදු නිවාඩුවක්වත් හිමි නොවූ අවස්ථා වාර්තා වී ඇති බවත් අමාත්‍යාංශය අවධාරණය කරයි.

විශේෂයෙන්ම ඉන්ධන පිරවුම්හල් අසල ආරක්ෂක කටයුතු සඳහා පොලිස් නිලධාරීන් විශාල වශයෙන් යෙදවීමට සිදුවීම මෙම කාර්යබහුලත්වයට ප්‍රධාන හේතුවක් විය. කෙසේ වෙතත්, ඉන්ධන නිකුත් කිරීම සඳහා QR කේත ක්‍රමය සාර්ථකව ක්‍රියාත්මක වීමත් සමඟ පිරවුම්හල් අසල පෝලිම් පාලනය වී ඇති බැවින්, එම ස්ථානවල සේවය කළ නිලධාරීන්ගෙන් කොටසක් මේ වන විට ඉවත් කර තිබේ.