කෘෂිකර්මාන්තය, ධීවර කර්මාන්තය ඇතුළු වාහන රහිතව විවිධ අවශ්‍යතා සහ ව්‍යාපාර සඳහා ඉන්ධන භාවිතා කරන පිරිස් වෙනුවෙන් නව QR ක්‍රමවේදයක් හඳුන්වා දීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CPC) තීරණය කර තිබේ.
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ.ඒ.එස්. ද එස්. රාජකරුණා මහතා සඳහන් කළේ, වාහනයක් නොමැති වුවද වගා කටයුතු සඳහා ජල පොම්ප, ට්‍රැක්ටර් හෝ ධීවර යාත්‍රා වැනි උපකරණ සඳහා ඉන්ධන අවශ්‍ය වන පිරිස් ඉලක්ක කර ගනිමින් මෙම ක්‍රමය නිර්මාණය කර ඇති බවයි. මෙම නව QR කේතය පුද්ගලයන්ගේ ජාතික හැඳුනුම්පත් අංකය (NIC) පදනම් කරගෙන නිකුත් කෙරේ.
මෙම පහසුකම ලබා ගැනීමට අපේක්ෂා කරන පුද්ගලයන් තම ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත තමන්ගේ ඉන්ධන අවශ්‍යතාවය පිළිබඳ කරුණු ඉදිරිපත් කර අනුමත කරවා ගත යුතුය. ඉන් අනතුරුව ඔවුන් වෙත අදාළ QR කේතය නිකුත් කිරීමට නියමිතය.
මෙම නව ක්‍රමවේදය ප්‍රධාන වශයෙන් කාණ්ඩ 7ක් යටතේ ක්‍රියාත්මක වන අතර, එක් එක් කාණ්ඩය සඳහා ලබා දෙන ඉන්ධන ප්‍රමාණය ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් තීරණය කරනු ලබයි
