සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් ප්‍රාථමික ශ්‍රේණියේ වෛද්‍ය නිලධාරී පත්වීම් සඳහා අයදුම්පත් කැඳවීමට පියවර ගෙන තිබේ.
මෙම පත්වීම් සඳහා අයදුම් කළ හැක්කේ පසුගිය වසරේ (2025) ජූලි මස 04 වැනි දින වන විට සිය සීමාවාසික පුහුණුව (Internship) සාර්ථකව අවසන් කළ වෛද්‍ය උපාධිධාරීන් සඳහා පමණි. ඒ අනුව වෛද්‍ය උපාධිධාරීන් 453 දෙනෙකුට මෙම පත්වීම් හිමිවීමට නියමිත බව අමාත්‍යාංශය පෙන්වා දෙයි.
අයදුම්පත් භාරගැනීම මේ වන විටත් ආරම්භ කර ඇති අතර, එළැඹෙන අප්‍රේල් මස 04 වැනි දින දහවල් 12.00 වන තෙක් ඒ සඳහා කාලය ලබා දී ඇත. නියමිත කාලසීමාවෙන් පසුව ලැබෙන අයදුම්පත් කිසිසේත්ම සලකා නොබලන බව ද අමාත්‍යාංශය අවධාරණය කරයි.
