සංශෝධිත නව බස් ගාස්තු පත්රිකා ප්රදර්ශනය නොකරන බස් රථවල බලපත්ර අවලංගු කරන බව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්රවාහන අධිකාරිය පවසයි.
එසේ නොකරන බස් රථවල බලපත්රය තාවකාලිකව හෝ ස්ථීරව අවලංගු කිරීමටත්, අදාළ බස් රථ හිමියන් දඩ මුදලකට යටත් කිරීමටත් කටයුතු කරන බව එම අධිකාරිය අවධාරණය කරයි.
පසුගිය 23 වැනිදා සිට අවම ගාස්තුව රුපියල් 30 දක්වා ඉහළ ගිය අතර, නියමිත ගාස්තුවට වඩා වැඩිපුර අය කරන බස් රථ සම්බන්ධයෙන් 1955 හෝ 011 2860860 යන අංකවලට පැමිණිලි කළ හැකි බවත් එම අධිකාරිය වැඩිදුරටත් සඳහන් කරයි.
