Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ප්‍රංශයේ නියෝජ්‍ය නගරාධිපති ධූරයක් හිමි වුණු ශ්‍රී ලාංකික තරුණිය

8 months ago

ප්‍රංශයේ පැරිස් නුවර අසල පිහිටි පොන්ටෝ-කොම්බෝ (Pontault-Combault) නගරයේ නියෝජ්‍ය නගරාධිපති ධුරය සඳහා ශ්‍රී ලංකා සම්භවයක් සහිත 25 හැවිරිදි තරුණ දේශපාලනඥවරියක වන අතිතියා ආනන්දරාජා (Athithiya Anantharajah) පත් කර තිබෙනවා.

ශ්‍රී ලංකාවේ පැවති යුදමය වාතාවරණය හේතුවෙන් ඇය සහ දෙමාපියන් ප්‍රංශයට සංක්‍රමණය වී තිබෙනවා.

ඇය සිය දේශපාලන ගමන ආරම්භ කළේ වයස අවුරුදු 19 දී නගර සභා මන්ත්‍රීවරියක වශයෙන්.

ඇයගේ කැපවීම සහ පොදු සේවය වෙනුවෙන් දක්වන උනන්දුව හේතුවෙන් ඇය ප්‍රංශ දේශපාලනය තුළ ඉහළ ඇගයීමකට ලක්ව සිටිනවා.

මෑතකදී පැවැති නගර සභා මැතිවරණයෙන් ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව, 2026 මාර්තු මාසයේදී ඇය මෙම නියෝජ්‍ය නගරාධිපති ධුරයට පත් කරනු ලැබුවා.