මඩකලපුව ප්‍රදේශයේ පාලු ළිඳකින් කාන්තා මළ සිරුරක් හමුවීම සහ තවත් කාන්තාවකගේ දිවි බේරාගැනීමේ සිද්ධියට අදාළව ඝාතනයට ආධාර අනුබල දීමේ චෝදනාව මත තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත් වී තිබේ.
නැගෙනහිර පළාත් අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් වත්තල ප්‍රදේශයේදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
ඔහු වත්තල ප්‍රදේශයේ පදිංචි 49 හැවිරිදි ඖෂධහල් හිමිකරුවෙකු බව පොලීසිය පවසයි. සැකකරු කොක්කඩිචෝල පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, ඊයේ (30) මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබීය.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර ප්‍රශ්න කිරීම සඳහා සැකකරු සම්බන්ධයෙන් දින 03ක රැඳවුම් නියෝග ලබා ගැනීමට පොලීසිය පියවර ගෙන තිබේ. මෙම අබිරහස් ඝාතනය සහ අනෙක් කාන්තාව ළිඳට දැමීමේ සිද්ධිය පිටුපස ඇති තොරතුරු අනාවරණය කර ගැනීම සඳහා කොක්කඩිචෝල පොලීසිය මේ වන විට පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇත.
