Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

රිය අනතුරකින් මෙහෙණින් වහන්සේලා තුන්නමකට අසාධ්‍යයි

8 months ago

සූරියවැව, නුගේකන්ද ප්‍රදේශයේදී අද (31) සිදු වූ රිය අනතුරකින් මෙහෙණින් වහන්සේලා තුන් නමක සහ ත්‍රිරෝද රථ රියදුරා බරපතළ තුවාල ලබා රෝහල්ගත කර තිබේ.

අතුරු මාර්ගයක සිට පැමිණි ත්‍රිරෝද රථයක්, එක්වරම ප්‍රධාන මාර්ගයට ඇතුළු කිරීමට උත්සාහ කිරීමේදී එම මාර්ගයේ ගමන් ගත් ලොරි රථයක ගැටී ඇත.

අනතුරුව පාලනය කරගත නොහැකි වූ ත්‍රිරෝද රථය මාර්ගය අසල නතර කර තිබූ තවත් කුඩා ලොරි රථයක ද ගැටී ඇති බව වාර්තා වේ.

අනතුරින් බරපතළ තුවාල ලැබූ මෙහෙණින් වහන්සේලා තුන් නම සහ ත්‍රිරෝද රථ රියදුරා වහාම හම්බන්තොට මහ රෝහල වෙත ඇතුළත් කිරීමට ප්‍රදේශවාසීන් කටයුතු කර ඇත.

පොලීසිය සඳහන් කර සිටියේ ත්‍රීවීල් රථ රියදුරුගේ අපරික්ෂාකාරී රිය ධාවනය මෙම අනතුරට හේතු වී ඇති බවය.

සිද්ධිය සම්බන්ධයෙන් සූරියවැව පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.