ශ්‍රී ලංකාව සහ රුසියාව අතර 11 වන ද්විපාර්ශ්වික දේශපාලන උපදේශන රැස්වීමට සහභාගී වීම සඳහා රුසියානු විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ඇන්ඩ්‍රි රුඩෙන්කෝ (Andrey Rudenko) මහතා අද (31) දිවයිනට පැමිණීමට නියමිතය.
විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරන පරිදි, මෙම සංචාරය තුළදී නියෝජ්‍ය අමාත්‍යවරයා මෙරට ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරීන් සහ දේශපාලන නායකත්වය සමඟ ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කරගැනීම පිළිබඳව විශේෂ සාකච්ඡා පවත්වනු ඇත.
මීට පෙර රුසියානු බලශක්ති නියෝජ්‍ය අමාත්‍යවරයා ද මෙරට සංචාරයක නිරත වූ අතර, එහිදී ශ්‍රී ලංකාවට ඛනිජ තෙල් සැපයීමට රුසියාව සිය කැමැත්ත පළ කර තිබිණි.
