Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

වෛද්‍යවරුන් හෙට යළිත් වර්ජනයේ

8 months ago

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කර ඇති “අනීතික ස්ථානමාරු ක්‍රමවේදයට” විරෝධය පළ කරමින් හෙට (02) උදෑසන 8.00 සිට පැය 24ක සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) තීරණය කර තිබේ.

වෛද්‍ය ස්ථානමාරු ක්‍රියාවලිය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අතර පවතින දැඩි මතභේදාත්මක තත්ත්වය මෙම තීරණයට හේතු වී ඇත.

රජය විසින් අනුගමනය කරනු ලබන ස්ථානමාරු පටිපාටිය වෛද්‍යවරුන්ට අසාධාරණයක් වන බවත්, එය වෘත්තීය ගරුත්වයට හානි කරන බවත් වෛද්‍ය සංගමය චෝදනා කරයි.