බංග්ලාදේශ මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළු වීමේ චෝදනාව මත මාස 8ක කාලයක් එරට රඳවාගෙන සිටි ශ්‍රී ලාංකික ධීවරයින් 6 දෙනෙකු නිදහස් කර ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි. නිදහස ලැබූ මෙම ධීවරයින් පිරිස හෙට (03) දිනයේදී යළි දිවයිනට පැමිණීමට නියමිතය.
2025 ජූලි 16 වනදා ‘සුදු දුව 4’ නමැති බහුදින ධීවර යාත්‍රාවෙන් මුහුදු ගිය මෙම පිරිස බංග්ලාදේශ සමුද්‍රීය දේශසීමාව උල්ලංඝනය කිරීමේ චෝදනාව මත එරට නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගන්නා ලදී.
අනතුරුව ඔවුන් බංග්ලාදේශයේ චිතගොන් මධ්‍යම බන්ධනාගාරයේ රඳවා තබා සිටි අතර ඔවුන්ට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ද ගෙන තිබුණි.
ධීවරයින් බන්ධනාගාරගතව සිටි මාස 8ක කාලය තුළ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් දැඩි ආර්ථික හා සමාජීය අසීරුතාවලට මුහුණ දී සිටි අතර, ඔවුන් පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් ගිහාන් මහතා මුණගැසී සිය ඥාතීන් නිදහස් කර දෙන ලෙස ඉල්ලීමක් කර තිබුණි.
ඒ අනුව ධීවර අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතාගේ සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ සෘජු මැදිහත්වීම මත බංග්ලාදේශයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හරහා සිදුකළ සාර්ථක රාජතාන්ත්‍රික සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස මෙම ධීවරයින් පිරිස නිදහස් කර ගැනීමට හැකි වී තිබේ.
