Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

රනිල් වික්‍රමසිංහ යළි ශ්‍රී ලංකාවට පැමිණෙන දිනය

8 months ago

සිංගප්පූරුවේදී ශල්‍යකර්මයකට භාජනය වූ හිටපු ජනාධිපති සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා මේ වන විට සම්පූර්ණයෙන්ම සුවය ලබමින් සිටින බව වාර්තා වේ.

ශල්‍යකර්මයෙන් පසු ඔහුට රෝහලෙන් පිටව යාමට වෛද්‍ය අවසරය හිමිව තිබුණද, තවත් දින කිහිපයක් වෛද්‍ය අධීක්ෂණය යටතේ රෝහලේම රැඳී සිටිමින් විවේක ගැනීමට ඒ මහතා තීරණය කර තිබේ. රනිල් වික්‍රමසිංහ මහතාගේ සමීපතමයන් සහ හිතවතුන් ඔහුට යෝජනා කර ඇත්තේ සිංහල අවුරුදු උත්සවයෙන් පසුව මෙරටට පැමිණෙන ලෙසත්, එතෙක් සිංගප්පූරුවේම රැඳී සිටින ලෙසත්ය.

කෙසේ වෙතත්, හිටපු ජනාධිපතිවරයාගේ ස්ථාවරය වී ඇත්තේ හැකි ඉක්මනින් මෙරටට පැමිණිය යුතු බවයි. ඒ අනුව ඉදිරි දින දහයක කාලය ඇතුළත ඔහු යළි දිවයිනට පැමිණීමට නියමිතය.