මතුගම සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර මධ්‍ය මහා විද්‍යාලයේ හිටපු ප්‍රධාන ශිෂ්‍ය නායකයෙකු වූ වත්මන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා 1996 වසරේදී තබා තිබූ සුවිශේෂී පාසල් වාර්තාවක් වසර 30කට පසු බිඳ දැමීමට එම විද්‍යාලයේම වත්මන් ප්‍රධාන ශිෂ්‍ය නායක සෙතික ලිනත් ලියනගේ සිසුවා සමත්ව තිබේ.
වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා එම විද්‍යාලයේ ඉගෙනුම ලබද්දී ප්‍රධාන ශිෂ්‍ය නායකයා ලෙස විශාල වගකීම් සමුදායක් ඉටු කරන අතරතුර, 1996 වසරේදී අ.පො.ස. උසස් පෙළ විභාගයෙන් විශිෂ්ට ලෙස සමත්ව වෛද්‍ය විද්‍යාලයට සුදුසුකම් ලැබීය. ප්‍රධාන ශිෂ්‍ය නායකයෙකු ලෙස කටයුතු කරමින් වෛද්‍ය විද්‍යාලයට සුදුසුකම් ලැබූ පළමු සිසුවා ලෙස ඔහු එදා එම පාසල් වාර්තාව පිහිටුවා තිබිණි.
මෙම සුවිශේෂී වාර්තාව වසර 30කට පසු යළි අලුත් කරමින් වත්මන් ප්‍රධාන ශිෂ්‍ය නායක සෙතික ලිනත් ලියනගේ සිසුවා මෙවර අ.පො.ස. උසස් පෙළ විභාගයෙන් ජීව විද්‍යා විෂය ධාරාවෙන් පෙනී සිට විශිෂ්ට ප්‍රතිඵල පෙන්වා ඇත. ඔහු භෞතික විද්‍යාව, රසායන විද්‍යාව, ජීව විද්‍යාව සහ ඉංග්‍රීසි යන විෂයන් හතරටම විශිෂ්ට (A) සාමාර්ථ ලබා ගනිමින් වෛද්‍ය විද්‍යාලයට සුදුසුකම් ලබා ගැනීමට සමත්ව තිබේ.
