Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

8 months ago

ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් මෙම නිවේදනය අද (04) දහවල් 12.00ට නිකුත් කර ඇති අතර එය අද රාත්‍රී 11.00 දක්වා වලංගු වන බව සඳහන් වනවා.

ඒ අනුව මධ්‍යම, සබරගමුව, ඌව, දකුණ, නැගෙනහිර සහ උතුරු මැද පළාත් සහ වව්නියා සහ මුලතිව් දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවල සවස 1.00ට පසුව ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බව සඳහන් කර තිබෙනවා.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.