Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ගංජා

ගංජා පාර්සලයක් සමඟ පොලිසියේ දෙදෙනෙක් කොටුවෙයි

8 months ago

කේරළ ගංජා කිලෝග්‍රෑම් එකයි ග්‍රෑම් 970ක් සමඟ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු ඊයේ (04) දින අත්අඩංගුවට ගත් බව වවුනියාව ඊරට්ටපෙරියකුලම පොලීසිය පවසයි.

වවුනියාව පොලිස් නිලධාරීන් වෙත ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් ගංජා තොගය හා සැකකරුවන් වවුනියාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

සිද්ධිය සම්බන්ධයෙන් ඊරට්ටපෙරියකුලම පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.