Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ලංකාවේ සහායට පැමිණි චීනය

8 months ago

ශ්‍රී ලංකාවේ පවතින ඉන්ධන අවශ්‍යතාවය සපුරාලීම සඳහා පිරිපහදු කළ ඉන්ධන රැගත් නෞකාවක් ලබාදීමට චීන රජය සිය එකඟතාවය පළ කර ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.

මෙම ඉන්ධන ආධාරය සම්බන්ධයෙන් වන විශේෂ සාකච්ඡාවක් හෙට (06) දිනයේදී පැවැත්වීමට නියමිතය.

එම සාකච්ඡාවේදී ශ්‍රී ලංකාවට ලැබෙන ඉන්ධන වර්ගය සහ අදාළ නෞකාව මෙරටට පැමිණෙන දිනය පිළිබඳව අවසන් එකඟතාවයකට පැමිණීමට නියමිත බව වාර්තා වේ.