මෙම වසරේ පළමු මාස හය තුළ රාජ්‍ය මාධ්‍ය ආයතන තුනක් අලාභ වාර්තා කර තිබෙනවා.
මුදල් අමාත්‍යාංශය නිකුත් කළ වසර මැද රාජ්‍ය මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාවට අනුව, ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව රුපියල් මිලියන 166ක බදු පෙර අලාභයක් වාර්තා කර ඇති අතර, ස්වාධීන රූපවාහිනී ජාලය රුපියල් මිලියන 37ක අලාභයක් වාර්තා කරනවා.
එමෙන්ම, ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව ද අදාළ කාලසීමාව තුළ රුපියල් මිලියන 68ක බදු පෙර අලාභයක් වාර්තා කර ඇති බව එම වාර්තාවේ සඳහන්.
ඒ අනුව, මෙම රාජ්‍ය මාධ්‍ය ආයතන තුන වාර්තා කර ඇති සමස්ත අලාභය රුපියල් මිලියන 271ක් වනවා.
