ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට්හි සාමාජිකත්වය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා තිබේ.
ශ්‍රී ලංකා ක්‍රිකට්හි ක්‍රියාකාරීත්වය, ස්වාධීනත්වය, එහි පරිපාලනය සම්බන්ධයෙන් රජයේ මැදිහත් වීමක් නොමැති බවට තහවුරු විය යුතු බවත් මීට අදාළ කරුණු තවදුරටත් සලකා බැලීම ඉදිරියේ දී සිදු කිරීමට අපේක්ෂා කරන බවත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.
මාර්ගගත ක්‍රමය ඔස්සේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ අධ්යක්ෂ මණ්ඩලය ශ්‍රී ලංකාවේ ක්‍රිකට් සම්බන්ධයෙන් සාකච්ඡාවක් පවත්වා ඇති අතර, ඉන් අනතුරු ව මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
එම කවුන්සිලයේ විශේෂ හමුවක් නොවැම්බර් 18-21 කාලයේ දී ඉන්දියාවේ අහමදාබාද්හි දී පැවැත්වීමට නියමිත බව වැඩිදුරටත් වාර්තා වේ.
එම හමුවේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් සම්බන්ධයෙන් ගත යුතු අනෙකුත් තීරණ ගැන සාකච්ඡා කිරීමට නියමිත බව සඳහන්ය.
මේ අතර ‘ක්‍රික්ඉන්ෆෝ’ වෙබ් අඩවිය වාර්තා කරන්නේ ක්‍රිකට් තහනම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉල්ලීම මත සිදු කළ බවයි.
මේ වන විටත් ඉන්දියාවට ගොස් ඇති ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වා මහතා මෙම තීරණය ගැනීම සඳහා රැස්වූ කමිටු රැස්වීමට සහභාගී කරවාගෙන ඇති බව ද ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවිය පෙන්වා දෙයි.
එමෙන්ම ඉදිරියේ දී අහමදාබාද්හි පැවැත්වීමට නියමිත අයිසීසී රැස්වීම සඳහා ද ඔහු සහභාගී වීමට නියමිත බව තවදුරටත් වාර්තා වේ.
එම වෙබ් අඩවිය වැඩිදුරටත් පෙන්වා දෙන අන්දමට ශ්‍රී ලංකාවේ 2014 – 2015 කාලය තුළ ක්‍රිකට් අතුරු කමිටුවක් ක්‍රියාත්මක වූ අවස්ථාවේ එය ජාත්‍යන්තර ක්‍රිකට් කවුසිලය විසින් පිළිගෙන ඇති බවයි.

