ඉස්ලාම් දහමට අපහාස වන ආකාරයේ ප්රකාශ සිදුකරමින් ජාතීන් අතර සංහිදියාව බිද හෙලීමට කටයුතු කර ඇති බවට වරදකරු වූ ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ට කොළඹ මහාධිකරණය විසින් නියම කරනු ලැබ තිබූ බරපතල වැඩ සහිත වසර හතරක සිර දඬුවම අභියාචනාධිකරණය විසින් අද (18) තහවුරු කළා.
අදාළ දඬුවමින් තමන් නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා ඥානසාර හිමියන් විසින් ඉදිරිපත් කර තිබූ අභියාචනයක් ඉවත දමමින් විනිසුරු මඩුල්ල මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා.
කොළඹ මහාධිකරණය විසින් 2024 වසරේදී බරපතළ වැඩ සහිත වසර හතරක සිර දඬුවම් නියම කළේය. එම දඬුවමට එරෙහිව ඥානසාර හිමියන් විසින් මෙම අභියාචනය ඉදිරිපත් කර තිබුණි.
