Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

රාජ සභා මණ්ඩපය කැඩූ පොහොට්ටු නගරාධිපති ඇතුළු පිරිසට බරපතළ වැඩ සහිත සිර දඬුවම් නියම කරයි

3 years ago

කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජීව විතාරණ ඇතුළු විත්තිකරුවන් 5 දෙනෙකු වරදකරුවන් කරමින් කුරුණෑගල මහාධිකරණය අද (14) වසර 03ක බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කර තිබෙනවා.

ඒ කුරුණෑගල නගරය මධ්‍යයේ තිබූ බුවනෙකබා රාජ සභා ගොඩනැගිල්ල කඩා ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් එල්ල වූ චෝදනාවට වරදකරු වීම හේතුවෙන්.

කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජීව විතාරණ ඇතුළු පිරිසකට බුවනෙකබා රාජ සභා ගොඩනැගිල්ල කඩා ඉවත් කිරීමේ සිද්ධියට එරෙහිව නීතිපතිවරයා විසින් මහාධිකරණය හමුවේ පසුගියදා අධිචෝදනා පත්‍ර ගොනුකරනු ලැබුවා.