පොහොට්ටුවෙන් පාර්ලිමේන්තුවට පැමිණ දැනට පාර්ලිමේන්තුවේ ස්වාධීනව කටයුතු කරන මන්ත්‍රීවරු රැසක් ලබන හෙට පැවැත්වෙන පක්ෂ සම්මේලනයට සහභාගී නොවන බව දේශපාලන ආරංචි මාර්ග පවසනවා.
නිමල් ලන්සා ප්‍රමුඛ මන්ත්‍රීවරුන් මෙම වර්ජනය සඳහා ප්‍රමුඛත්වය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
හෙට දිනයේදී වෙළඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා විසින් ඔහුගේ අමාත්‍යාංශයට අයත් වෙනත් උත්සවයක් සංවිධානය කර ඇති බවයි වාර්තා වන්නේ.
මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙහි තනතුරු සඳහා නව පුද්ගලයන් පත් කිරීමේ තීරණයද මේ වන විට වෙනස් වී ඇති බව වාර්තා වනවා.

