ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (SLPP) සිය නව නිලධාරී මණ්ඩලය පත් කර තිබෙනවා.
ඒ පොදුජන පෙරමුණෙහි නායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ පක්ෂයේ විධායක සභාව විසින්.
විශේෂත්වය වන්නේ මෙහිදී බැසිල් රාජපක්ෂ විසින් දැරූ ජාතික සංවිධායක ධූරය සඳහා කිසිවෙකු පත්කර නොමැති වීමයි.
මීට අමතරව පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම්ද, පක්ෂයේ සභාපතිවරයා ලෙස උතුරුවල ධම්මරතන හිමියන්ද යළිත් වරක් ලෙස පත් කර තිබෙනවා.
පක්ෂයේ නව භාණ්ඩාගාරික ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පත් කරනු ලැබුවා.
ප්රශ්නය – ප්‍රවෘත්තියක් යනවා බැසිල් රාජපක්ෂ මහත්තයා ඉවත් වුණා කියලා ජාතික සංවිධාකය ධුරයෙන් ?
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා,
“නෑ. එතුමා පක්ෂ සංවිධායක කටයුතු නිර්මාතෘ විදිහටත් කරනවා. දේශපාලන මණ්ඩලයත් නියෝජනය කරනවා. ඉතින් ජාතික සංවිධාක තනතුර හිස්ව තබන්න එතුමා සහ පක්ෂය මතයකට ආවා. ඉදිරියේදී අපි ගන්න දේශපාලන තීන්දු මත ඒකට අවශ්‍ය පුද්ගලයෙකු අපි පත්කරගන්නවා.”

