Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ඩලස් පිල දෙකඩ වෙයි! සජිත් ළගට බල්ටි ගසන මන්ත්‍රීන් ලැයිස්තුව මෙන්න!

3 years ago

මහාචාර්ය ජී.එල්. පීරිස්, ඩිලාන් පෙරේරා, ආචාර්ය නාලක ගොඩහේවා සහ මහාචාර්ය චන්න ජයසුමන යන මන්ත්‍රීවරුන් සිවුදෙනා ‘සජිත් පිල’ හා එක්වනු ඇති බවටයි වාර්තා වේ.

මේ අතර, තමන් ඉදිරියේ දී සමගි ජන බලවේගය හා එක්ව පුළුල් විපක්ෂ බලවේගයක් ගොඩනඟන බැව් මහාචාර්ය ජී. එල්. පීරිස් මාධ්‍ය වෙත සඳහන් කර සිටියේය.

ගැටඹේ රාජෝපවනාරාම විහාරාධිපති රාමඤ්ඥ මහා නිකායේ අනුනායක කැප්පිටියාගොඩ සිරිවිමල හිමියන් බැහැ දැකීමෙන් අනතුරුව, පැමිණ සිටි මාධ්‍යවේදීන් අමතමින් ඔහු මේ බව තහවුරු කර සිටියේය.

මන්ත්‍රීවරයා එහිදී සඳහන් කළේ, අතිශයින් ම භයානක ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට විරුද්ධව ‘ජනතාව ආරක්ෂා කරගැනීම’ සිය අපේක්ෂාව බවයි.