දේශපාලනයෙන් විශ්රාම ගැනීමේ අදහසක් නැති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.
දේශපාලනඥයින් විශ්රාම් ගැනීම් සිදු නොකරන බවයි ඔහු වැඩිදුරටත් පවසන්නේ.
සෑම පක්ෂයක්ම සම්මේලන පැවැත්විය යුතු බවත් පක්ෂයේ ශක්තිය පෙන්නුම් කළ හැක්කේ එවැනි දෙයකින් බවත් ඔහු මෙහිදී සඳහන් කළා.
වැඩිම ජනතාවක් එකතු වී සිටින්නේ ශ්රී ලංකා පොදුජන පෙරමුණ සමග බව පැවසූ හිටපු ජනාධිපතිවරයා යම් යම් වෙනස්කම් සිදුවී ඇතත් ජනතාව පොහොට්ටුවෙන් ඈත්වී නැති බව පක්ෂ සම්මේලනය ඔප්පු කළ බවත් ජනතාව තවමත් ශ්රී ලංකා පොදුජන පෙරමුණ පිළිබඳ බලාපොරොත්තු තබා සිටින බවත් ඔහු ප්රකාශ කළා.
මීළඟ ජනාධිපතිවරණයේදී තමාට ඉදිරිපත්වීමට හැකියාවක් නැති අතර, පක්ෂය තීරණය කරන පුද්ගලයා කවුරු වුවත් ඔහු දිනවීමට කටයුතු කරන බව මහින්ද රාජපක්ෂ මහතා ප්රකාශ කළා.
ශ්රී ලංකා පොදුජන පෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂය එකතු වීමක් පිළිබඳ තමා නොදන්නා බවද වැඩිදුරටත් සඳහන් කළා.

