Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ගෙල සිඳ මරා දැමූ 17 හැවිරිදි තරුණියකගේ සිරුරක් තේ වත්තකින් හමුවෙයි

3 years ago

තේ ඉඩමක තිබී 17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවී තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ ඇල්පිටිය පොලිස් වසමේ තලාව පාර, නානායක්කාර මාවත ප්‍රදේශයේ පිහිටි තේ ඉඩමකදී සිරුර සොයාගෙන ඇති බවයි.

ඇයගේ ගෙල කපා ඝාතනය සිදුකර ඇති බවට පොලීසිය සැක පළ කරනවා.

මියගිය සිසුවිය හංසිකා නදීෂානි නමැති තල්ගහවත්ත, මණ්ඩකන්ද, කරන්දෙනිය ප්‍රදේශයේ පදිංචිකාරිනියක්.

ත්‍රීරෝද රථයකින් පැමිණි පිරිසක් ඊයේ (08) දින කරන්දෙණිය තල්ගහවත්ත, ගඟපාර ප්‍රදේශයේදී ඇයව බලහත්කාරයෙන් රැගෙන ගොස් ඇති බව වාර්තා වෙන්නේ.

සැකකරුවන් මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර ඇල්පිටිය පොලිස් ස්ථානය මගින් වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා. (උපුටාගැනීම – adsderana)