සංචාරක ශ්රී ලංකා කණ්ඩායමේ බංග්ලාදේශ තරග සංචාරයේ, එක්දින තරගාවලිය අරඹමින් පළමු තරගය අද (13) පස්වරු 2ට චැටොග්රෑම්හි සහූර් අහමඩ් ක්රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතය.
ශ්රී ලංකා කණ්ඩායම මෙම ක්රීඩාංගණයේදී එක්දින තරගයකට සහභාගී වන්නේ වසර 18කට පසුව වීම විශේෂත්වයකි.
මෙම ක්රීඩාංගණය හැදින්වෙන්න් ලකුණු ලබා ගැනීමට අපහසු දඟ පන්දු යවන්නන්ට වැඩි වාසි ගෙන දෙන ක්රීඩාංගණයක් ලෙසයි.
ඒ අනුව අද තරගයේදී පිතිකරුවන් 6ක්, තුන් ඉරියව් ක්රීඩකයන් 2ක් සහ පන්දු යවන්නන් 3කින් යුත් කණ්ඩායමක් ශ්රී ලංකාව සහභාගී කරවීමට වැඩි ඉඩක් පවතී.
ඒ අනුව දුනිත් වෙල්ලාලගේ, මහීෂ් තීක්ෂණ සහ වනිඳු හසරංග යන තිදෙනාම අද කණ්ඩායමට එක්වනු ඇති බවයි ක්රිකට් ආරංචිමාර්ග පවසන්නේ.

