2024 ලෙජන්ඩ්ස් ක්‍රිකට් කුසලාන තරගාවලියේ නිව්යෝර්ක් ස්ට්‍රයිකර්ස් කණ්ඩායමේ ක්‍රීඩක ළහිරු තිරිමාන්න අද උදෑසන රිය අනතුරකට ලක්වී තිබිණි.
ඒ පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් නිව්යෝර්ක් ස්ට්‍රයිකර්ස් පැවසුවේ ළහිරු තිරිමාන්න සහ ඔහුගේ පවුලේ අය විහාරස්ථානයකට ගොස් නැවත පැමිණෙමින් සිටියදී රිය අනතුරකට ලක්ව ඇති බවයි.
අනතුර සිදු වූ සැණින් ඔවුන්ව කඩිනමින් රෝහල්ගත කර පරීක්ෂාවට ලක් කෙරුණු බව එම නිවේදනයේ සඳහන් වනවා.
සම්පූර්ණ වෛද්‍ය තක්සේරුවකින් පසුව ඔවුන් සියල්ලන්ම ආරක්ෂිත සහ සෞඛ්‍ය සම්පන්න බව සනාථ වී ඇති බවයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ.

