Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

වසර 27ක් පැරණි එක්දින වාර්තාවක් අලුත් කළ පැතුම්ගේ හා චරිත්ගේ සබඳතාවය ශ්‍රී ලංකා පිලට ජය ගෙනෙයි

3 years ago

ශ්‍රී ලංකාව හා බංගලාදේශය අතර පැවති දෙවන එක්දින තරගයෙන් කඩුළු 3ක විශිෂ්ඨ ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

තරඟයේ පලමුවෙන් පන්දුවට පහර දුන් බංග්ලාදේශ කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේදී කඩුලු 7ක් දැවී ලකුණු 286ක් ලබා ගැනීමට සමත් විය.

එහිදී විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කළ Towhid Hridoy පන්දු 102කදී නොදැවී ලකුණු 96ක් ලබාගැනීමට සමත්වුණා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල් කඩුළු 3 ලකුණු 43ක් වැනි අඩු ලකුණු සංඛ්‍යාවකට දවා ගැනීමට බංගලාදේශ කණ්ඩායමේ පන්දු යවන්නන් සමත් විය.

ඉන් අනතුරුව පැතුම් නිස්සංක සමඟින් පිටියේ එක්වූ චරිත් අසලංක සාර්ථක සබඳතාවක් ගොඩනඟමින් 4 වන කඩුල්ල සඳහා ලකුණු 185ක විශිෂ්ඨ සබඳතාවක් ගොඩනැගීමට සමත්වුණා.

පැතුම් නිස්සංක සිය 6 වන එක්දින ශතකය වාර්තා කරමින් ලකුණු 114ක් ලබාගත් අතර, චරිත් අසලංක ලකුණු 91කදී අවාසනාවන්ත ලෙස දැවීගියා.

චරිත් හා පැතුම්ගේ මෙම සබඳතාවය වාර්තා පොත් අතරට එක් වූයේ ශ්‍රී ලංකික ක්‍රීඩකයින් දෙදෙනෙකු එක්දින තරඟයකදී 4 වන කඩුල්ල සඳහා ගොඩනැගූ ඉහළම සබඳතාවය ලෙසයි.

මීට පෙර එම වාර්තාවට හිමිකම් කීවේ අර්ජුන රණතුංග හා රොශාන් මහානාමයි. ඔවුන් දෙදෙනා 1997 දී 4 වන කඩුල්ල සඳහා නොදැවී ලකුණු 171ක සබඳතාවක් වාර්තාකර තිබෙනවා.

ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 47.1ක් අවසානයේදී කඩුලු 7ක් දැවී ලකුණු 287ක් ලබාගනිමින් තරඟය ජයගත් අතර තරඟයේ වීරයා සම්මානය ශතකයක් ලබාගත් පැතුම් නිස්සංක දිනාගත්තා.