ශ්‍රී ලංකා පිතිකරුවෙකු පිට පිට එක්දින ඉනිම් පහක් තුළ රැස් කළ වැඩිම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව අලුත් කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක සමත්ව තිබෙනවා.
ඒ ඊයේ බංගලාදේශයට එරෙහිව පැවති දෙවන එක්දින තරගයේදී රැස් කළ ශතකයත් සමගින්.
එම ඉනිමත් සමඟ ඔහු අවසන් එක්දින ඉනිම් 5දී ලකුණු 496ක් රැස් කිරීමට සමත්ව තිබෙනවා.
එම ඉනිම් 5 අතරට ඔහු ඇෆ්ගනිස්තානයට එරෙහිව රැස් කළ ද්විත්ව ශතකයද ඇතුළත් වේ.
ඔහු මෙලෙස බිඳ දැමුවේ කුමාර් සංගක්කාර විසින් ඉනිම් 5කදී ලකුණු 495ක් රැස් කරමින් පිහිටුවා තිබූ වාර්තාවකුයි.

