ආබාධයකට ලක්වීම හේතුවෙන් ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක ඩිල්ෂාන් මධුෂංක ට බංග්ලාදේශ කණ්ඩායම සමඟ පැවැත්වෙන ඉදිරි තරග අහිමි වනු ඇති බව වාර්තා වනවා.
බංග්ලාදේශය සමගින් පැවති දෙවන එක්දින තරගය අතරතුරදී ඔහු පාදයේ ආබාධයකට ලක් විය.
ශ්‍රී ලංකා ආයතන ආරංචිමාර්ග පවසන්නේ ආබාධය සුව නොවීම හේතුවෙන් ඔහුට තෙවන එක්දින තරගය අහිමිවනු ඇති බවයි.
දෙරට අතර තීරණාත්මක අවසන් එක්දින තරගය හෙට(18) දිවා තරගයක් වශයෙන් පැවැත්වීමට නියමිතය.

