ලොව හිටපු සුපිරි ක්‍රිකට් තරුවල සහභාගිත්වයෙන් මේ දිනවල පැවැත්වෙන Legends Cricket Trophy තරඟාවලිය අතරතුර මුදලට තරඟ පාවාදීමේ සිදුවීමක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.
ඒ ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ විශේෂ පොලිස් විමර්ශන ඒකකය මඟින්.
මෙම විමර්ශනය අරඹා ඇත්තේ තරඟාවලිය සඳහා සහභාගී වී සිටින ශ්‍රී ලංකා හිටපු ක්‍රීඩක උපුල් තරංග සහ නවසීලන්ත හිටපු ක්‍රීඩක නීල් බෲම් කළ පැමිණිල්ලකට අනුවයි.
ඉන්දීය ක්‍රිකට් කළමනාකරුවෙකුට හා ඔහුගේ සහයකයාට මෙම චෝදනාව එල්ල වී තිබෙනවා.
ඒ අනුව ඔවුන් දෙදෙනාට ශ්‍රී ලංකාවෙන් පිටව යාම තහනම් කර තිබේ.
මෙම සිදුවීම සම්බන්ධයෙන් උපුල් තරංග හා නවසිලන්ත ක්‍රීඩකයා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයටද පැමිණිලි කර ඇත.

