ශ්‍රී ලංකාව තුළ ක්‍රිප්ටෝ මුදල් භාවිතයෙන් ගනුදෙනු කිරීම නීත්‍යානුකූල නොවන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා.
ක්‍රිප්ටෝ මුදල් හරහා මුදල් ආයෝජනය කිරීම තුළින් පුද්ගලයන් වංචාවලට හසු වී ඇති අතර මුදල් අහිමි වී පාඩුද සිදුවී ඇති බවයි ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ.
කෙසේ වෙතත් ක්‍රිප්ටෝ මුදල් ඒකකය ශ්‍රී ලංකාව තුළ බහුල වශයෙන් භාවිතා වන බවක් දක්නට නොලැබෙන බව සඳහන් කර ඇති ඔහු ලංකාවේ ක්‍රිප්ටෝ මුදල් භාවිතය සම්බන්ධයෙන් මේ වන විට මහ බැංකුවේ අදාළ අංශ අධ්‍යනයක නිරත වෙමින් සිටින බව සඳහන් කර තිබෙනවා.

