මෙවර රාජ්‍ය වෙසක් උත්සවය මාතලේ දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට නියමිතයි.
ඒ අනුව මැයි මස 21 දින සිට 27 වන දින දක්වා කාලය වෙසක් සතිය ලෙස ප්‍රකාශයට පත් කර ඇති බව සඳහන්.
එහි සමාරම්භක උළෙල හා සමාප්ති උළෙල පිළිවෙලින් මාතලේ ධර්මරාජ පිරිවෙන් පරිශ්‍රයේ දි හා පල්ලේපොල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මිල්ලවාන ශ්‍රි සුනන්දාරාම විහාරස්ථාන පරිශ්‍රයේ දී පැවැත්වෙනවා.
මේ හේතුවෙන් මැයි මස 22, 23 සහ 24 යන තෙදින තුළ දිවයින පුරා පිහිටි මත්පැන්හල් වසා තැබීමට නියමිතයි.
එමෙන් ම අදාළ දිනවල දී සත්ත්ව ඝාතන හා මස් මාංශ අලෙවි කරන ස්ථාන ද වසා තැබෙනු ඇති.

