Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

වාණිජ බැංකු සියල්ල ණය පොලී අනුපාතික පහත දමයි! නවතම පොලී අනුපාත මෙන්න!

3 years ago

බලපත්‍රලාභී වානිජ බැංකුවල බරිත සාමාන්‍ය ප්‍රමුඛ ණය පොලී අනුපාතිකය පසුගිය සතිය වන විට 10% මට්ටමින් පහළට පැමිණ ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

මේ අනුව පසුගිය සතිය අවසානයේ දී බලපත්‍රලාභී වානිජ බැංකු වල බරිත සාමාන්‍ය ප්‍රමුඛ ණය පොලී අනුපාතිකය 9.92% ක් ලෙසයි සටහන් වී ඇත්තේ.

ඊට පෙර සතියේ දී මෙම අගය 10.15% ක් ලෙසත් මීට වසරකට පෙර මෙම අගය දැක්වුණේ 21.32% ක් ලෙසත් දැක්විණි.

ඒ අනුව මෙරට වානිජ බැංකු කිහිපයකම බරිත සාමාන්‍ය ප්‍රමුඛ ණය පොලී අනුපාතික තනි ඉලක්කමක අගයකට පැමිණෙනු ඇති බවට අපේක්ෂා කෙරේ.