පසුගිය දින කිහිපයේදී ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල තරමක අවප්‍රමාණයක් සිදුව තිබෙනවා.
ඇමෙරිකානු ඩොලරයක විකුණු මිල ඊයේ (17) දිනයේ රුපියල් 307 ක් ලෙස සටහන්ව වූ අතර පසුගිය සතියේ එය සටහන්ව තිබුණේ රුපියල් 303 ක් ලෙසයි.
ඒ අනුව රුපියල මේ දිනවල ඉතා සුළු වශයෙන් අවප්‍රමාණය වෙමින් තිබෙන බවයි මහ බැංකු දත්ත වාර්තා පෙන්වා දෙන්නේ.

