Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ඔක්ටේන් 100 නමින් නවතම ඉන්ධන වර්ගයක් මෙරට වෙළඳපොළට! භාවිතයෙන් ලැබෙන වාසි මෙන්න!

3 years ago

Indian Oil සමාගම ඉතිහාසයේ පළමු වරට ඔක්ටේන් 100 සුපිරි වර්ගයේ පෙට්‍රල් තොගයක් ශ්‍රී ලංකාවට අපනයනය කර ඇති බව වාර්තා වෙයි.

පසුගිය මැයි 18 වනදා මුම්බායේ Jawaharlal Nehru Port Trust (JNPT) වෙතින් මෙම ඉන්ධන තොගය ශ්‍රී ලංකාවට නැව්ගත කර තිබේ.

මෙම පෙට්‍රල් වර්ගය ඉන්දියාව විසින් දේශීය සංවර්ධනය කරන ලද්දකි. 

එය XP100 ලෙසින් නම්කර ඇත.

එය උසස් ගණයේ වාහන සඳහා ඉහළ කාර්යක්ෂමතාවයකින් යුතු එන්ජිමේ ක්‍රියාකාරිත්වය, වේගවත් ත්වරණය, සුමට රිය පැදවීමේ හැකියාව සහ වැඩිදියුණු කළ ඉන්ධන පිරිමැස්ම සඳහා නිර්මාණය කර ඇත.