වෙළෙඳපොළේ බෝංචි මිල ගණන් නැවත වතාවක් ඉහළ ගොස් තිබෙනවා.
ඒ අනුව පෑලියගොඩ මැනිං වෙළෙඳපොළේ බෝංචි කිලෝවක තොග මිල ඊයේ දිනය වන විට රු.500 ඉක්මවා ගොස් තිබුණි.
හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ සහ පුහුණු කිරීමේ ආයතනය පැවසුවේ අස්වනු හිගය හේතුවෙන් මෙලෙස මිල ඉහළ ගොස් ඇති බවයි.
මේ අතර දිවයිනේ අනෙකුත් ආර්ථික මධ්‍යස්ථානවලද බෝංචිවල තොග මිල රු.400 සීමාව ඉක්මවා ගොස් තිබේ.

