Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ශ්‍රී ලංකන් ගුවන් සේවය අයිති කරගැනීමේ අවසන් සටනට ධම්මිකගේ හේලීස් ඇතුළු තවත් සමාගම් 2ක්

2 years ago

ශ්‍රී ලංකන් ගුවන් සේවය මිලදී ගැනීමට කැමැත්ත පළ කර ඇති සමාගම් හයෙන් තුනක් කැබිනට් මණ්ඩලයේ මූලික තෝරාගැනීම් සඳහා යොමුකර ඇති බව වාර්තා වේ.

ලැබී ඇති තොරතුරු අනුව ඒවාට දේශීය සමාගම් දෙකක් ඇතුළත් වේ, (ෂෙරීෂා-සුප්‍රිම් සමූහය සහ හේලීස් සමාගම)

මීට අමතරව, ශ්‍රීලංකන් ගුවන් සේවය මිලදී ගැනීමට අවසන් තරඟකරුවන් තිදෙනා අතරට ආසියාතික අඩු වියදම් ගුවන් සමාගමක් වන AirAsia ද සිටින බව පැවසේ.

මුදල් අමාත්‍යාංශය යටතේ පිහිටුවන ලද රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීමේ ඒකකය පසුගියදා ශ්‍රී ලංකන් ගුවන් සේවය පෞද්ගලීකරණය කිරීම සඳහා උනන්දුවක් දක්වන ආයෝජකයින්ගෙන් ලංසු කැඳවූ අතර සමාගම් හයක් ඒ සඳහා ඉදිරිපත් විය.

එයාර් ඒෂියා, ෆිසට්ස් එයාර්, දර්ශන් එලයිට්ස් ඉන්වෙස්ට්මන්ට් හෝල්ඩිංග්ස්, ෆිට්ස් එවියේෂන්ස්, ෂෙරිසා ටෙක්නොලොජීස් අනුබද්ධ සුප්‍රිම් සමාගම, ට්‍රෂෙර් රිපබ්ලික් ගාඩියන්ස් සමාගම සහ හේලිස් සමාගම ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ආයෝජනය කිරීම සඳහා එකඟතාවය ප්‍රකාශයට පත් කර ඇත.

මෙම සමාගම් සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩල අනුකමිටුව විසින් ඉදිරිපත් කර ඇති ශක්‍යතා අධ්‍යයනය සහ නිර්දේශ සමාලෝචනය කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකන් ගුවන් සමාගම පවරා ගැනීම සඳහා අවසන් වටයට සමාගම් තුනක් තෝරාගෙන ඇති බව වාර්තා වේ.