ශ්‍රී ලංකා මහ බැංකුව විසින් තැන්පතු පොලී අනුපාතික හා ණය පොලී අනුපාතික පිළිබඳව තීරණයක් ගෙන තිබෙනවා.
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඒ සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.
ඒ අනුව, නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය පිළිවෙලින් 8.50% සහ 9.50% ලෙස තවදුරටත් නොවෙනස්ව පවත්වාගෙන යෑමට මහ බැංකු මුදල් මණ්ඩලය තීරණය කළ බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.


