කොවිඩ් සමයෙන් අනතුරුව වැඩිම ඉන්ධන පරිභෝජනය මෙවර වෙසක් සමයේ සිදු වී ඇති බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ ලේකම් කපිල නාඔටුන්න මහතා පවසනවා.
පසුගිය දීර්ඝ නිවාඩු සති අන්තිය හේතුවෙන් ඉන්ධන භාවිතය ඉහළ ගොස් ඇති බවයි ඔහු සඳහන් කළේ..
ඔහු වැඩිදුරටත් සඳහන් කළේ කොළඹ, අනුරාධපුර, මහනුවර, බදුල්ල හා රත්නපුර යන නගරවල ඉන්ධන සඳහා වැඩිම ඉල්ලුමක් පැවැති බවයි.
මේ අතර මාසිකව සිදු කරනු ලබන ඉන්ධන මිල සංශෝධනය ලබන 31 වැනිදා මධ්‍යම රාත්‍රියෙන් සිදු කිරීමට නියමිත බව වාර්තා වනවා.
ඒ මිල කමිටුවේ නිර්දේශ සඳහා අමාත්‍යංශයෙන් අනුමැතිය හිමිවීමෙන් අනතුරුවයි.
රුපියලේ ශක්තිමත් වීම ඇතුළු සාධක ගණනාවක් සලකා බැලීමෙන් අනතුරුව ඉන්ධන මිල තීරණය කරන බව අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක් සඳහන් කළා.

