සිවිල් සංවිධාන කිහිපයක් එක්ව පාර්ලිමේන්තුව අසල සිට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නෙළුම් මාවත පරිශ්‍රය දක්වා විරෝධතා පා ගමනක් පැමිණ තිබෙනවා.
“රට වනසන පනත් පරාජය කරමු” ලෙස සටහන් කළ විරෝධතා පුවරු සහිතවයි මේ පිරිස පැමිණ ඇත්තේ.
විරෝධතාකරුවන් නෙළුම් මාවතට ඇතුල් වන මාර්ගය අසලදී පොලිසියෙන් බාධා කිරීමත් සමගම උණුසුම්කාරී තත්වයක් ඇතිව තිබෙනවා.
එහිදී එම ස්ථානයේ පොල් ගසමින් විරෝධතාකරුවන් විරෝධය පළ කර තිබෙනවා.
එම අවස්ථාවේදී අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා එම මාර්ගයෙන් ගමන් කිරීමට උත්සාහ කිරීමත් සමඟ විරෝධතාකරුවන් අමාත්‍යවරයාට හූ කියා විරෝධයක් පළ කර තිබෙනවා.
නමුත් අමාත්‍යවරයා විරෝධතාකරුවන්ගේ විරෝධය නොතකමින් එම ස්ථානයේ සිට මාධ්‍ය වෙත අදහස් දැක්වීමද සිදු කළා.
විරෝධතාවෙන් අනතුරුව දෙපාර්ශ්වයම ඉන් ඉවත්ව ගිය බවයි වාර්තා වන්නේ.


