Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

වාහනයක් නොමැතිකම නිසා ගිලන් රථයක නැගී පාර්ලිමේන්තුවට පැමිණෙන මන්ත්‍රී

2 years ago

වාහන නොමැතිකම හේතුවෙන් මතුවී ඇති ගැටලු සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන් රැසක් තමාට පැමිණිලි කර ඇති බවත් වාහනයක් නොමැති නැගෙනහිර පළාතේ මන්ත්‍රීවරයකු බොහෝ අවස්ථාවල කොළඹට පැමිණෙන්නේ ගිලන් රථයක නැගී බවත් කතානායක මහින්ද යාපා අබේවර්ධන පවසනවා.

මන්ත්‍රීවරයා රෝහල් බලධාරීන්ට කතාකර කොළඹට එන ගිලන් රථයක නැගී පැමිණෙන බව පැවැසූ කතානායකවරයා තවත් මන්ත්‍රීවරුන් පොදු ප්‍රවාහන සේවයෙන් කොළඹට පැමිණෙන බවයි පවසන්නේ.

මේ අතර තීරුබදු රහිත වාහන බලපත්‍රයක් ලබාදෙන ලෙසට ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරු 116 දෙනෙක් කළ ඉල්ලීම ජනාධිපතිවරයාට මේ සතියේ බාරදෙන බව ද ඔහු සඳහන් කළේය.

එම ඉල්ලීමට පාර්ලිමේන්තු ගෘහ කාරක සභාවේ අනුමැතිය දැනටමත් පළ වී ඇත.