මව්බිම ජනතා පක්ෂයේ සභාපති ධුරයෙන් හිටපු අමාත්‍ය සරත් අමුණුගම මහතා ඉල්ලා අස්වී ඇති බව වාර්තා වේ.
එම පක්ෂ නායක දිලිත් ජයවිර මහතා වෙත ඉල්ලා අස්වීම මේ ලිපිය යොමුකර ඇති බවද සඳහන්ය.
දිලිත් ජයවීර මහතාගේ නායකත්වයෙන් එම පක්ෂයා ආරම්භ කළ දා සිට මේ දක්වාවූ කාලය තුළ අමුණුගම මහතා එහි සභාපති ලෙස කටයුතු කළේය.
ඒ මහතා හා විමල් වීරවංශ ඇතුලු කණ්ඩායම සමග සන්ධානගතවීමේ ගිවිසුමට අත්සන් තැබූ ඊයේ දිනම මෙම ඉල්ලා අස්වීම යොමු කිරීමට ඒ මහතා පියවර ගෙන ඇත.
දිලිත් ජයවීර මහතා වෙත සිය ඉල්ලා අස්වීම යොමු කරමින් ඒ මහතා ලියා ඇත්තේ එකම එක පේලියක් පමණි.
ඒ, ‘මම පක්ෂයේ සභාපතිකමෙන් ඉල්ලා අස්වෙමි. ඔබට සුබපතමි’ යනුවෙන් පමණි.


