Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ජූලි මස 1 වනදා සිටවිදුලිබල අඩු කළ හැකි ප්‍රතිශතය පිළිබඳව විදුලි ඉංජිනේරුවන්ගෙන් දැනුම්දීමක්

2 years ago

විදුලි බිල 10% ත් 20% ත් අතර ප්‍රතිශතයකින් අඩු කිරීමේ හැකියාව ඇති බව ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය පවසයි.

අද කොළඹදී විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් ධනුෂ්ක පරාක්‍රමසිංහ පැවසුවේ මෙම වසරේ දෙවැනි විදුලි ගාස්තු සංශෝධනය ලබන ජූලි මස 1 වැනිදා ක්‍රියාත්මක කිරීම සඳහා වන යෝජනාව මෙම සතියේ විදුලිබල මණ්ඩලය, මහජන උපයෝගිතා කොමිසමට ඉදිරිපත් කිරීමට නියමිත බවයි.

එහිදී ජනතාවට සැළකිය යුතු විදුලි ගාස්තු අඩු වීමට ලැබිය යුතු බව ධනුෂ්ක පරාක්‍රමසිංහ සඳහන් කළේය.