Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මහජන බැංකුව, ලංකා බැංකුව සහ ජාතික ඉතිරිකිරීමේ බැංකුව ගැන රජය ගත් තීරණය

2 years ago

මහජන බැංකුව, ලංකා බැංකුව සහ ජාතික ඉතිරි කිරීමේ බැංකුව ශක්තිමත් කර බැංකු ක්ෂේත්‍රය තුළ රජයේ අයිතිය තබා ගැනීමට රජය කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ සදහන් කරයි.

පාලනය කරන බැංකු කිහිපයකුත්, පුද්ගලික බැංකු වලත් කොටස් ලබාගෙන මූල්‍ය අංශයේ රජයේ ශක්තිය තබා ගැනීමට කටයුතු කළ යුතු බවද ජනාධිපතිවරයා සදහන් කරයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ තවදුරටත් සදහන් කළේ,

“රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යාමේදී වැදගත්ම අංශ වන්නේ මූල්‍ය අංශයයි. බැංකු ඇතුළු මූල්‍ය ආයතනවලින් තමයි වෙළෙඳ ආර්ථිකය තීරණය කර තිබෙන්නේ. ඒ නිසා මහජන බැංකුව, ලංකා බැංකුව සහ ජාතික ඉතිරි කිරීමේ බැංකුව යන මේ සියල්ල ශක්තිමත් කර බැංකු ක්ෂේත්‍රය තුළ රජයේ අයිතිය තබා ගැනීමට රජය කටයුතු කරනවා.

පාලනය කරන බැංකු කිහිපයකුත්, පුද්ගලික බැංකුවලත් කොටස් ලබාගෙන මූල්‍ය අංශයේ රජයේ ශක්තිය තබා ගැනීමට කටයුතු කළයුතුයි. එතැන් සිට තමයි අපි රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යාමට බලාපොරොත්තු වෙන්නේ.”

ඒ මහතා මේ බව සඳහන් කළේ “ලෙස්ලි දේවේන්ද්‍ර සිංහාවලෝකනය” මැයෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ඊයේ (29) පැවති උත්සවයට එක් වෙමිනි.